How can Sri Lankan charities find international donors and partners?

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන්න – අගමැති ආසියානු රටවලින් ඉල්ලයි

- itnnews.lk

ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියා.

ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්රණය, අද (2024.03.28) චීනයේ හයිනාන් නුවර දී ඇමතූ අග්රාමාත්යවරයා “ චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ගේ දක්ෂ නායකත්වය යටතේ මිලියන සංඛ්යාත ජනතාවක් දරිද්රතාවෙන් උසස් ජීවන තත්ත්වයකට ඔසවා තැබීමේ චීන ආශ්චර්යවත් සාර්ථකත්වයේ කතාව” පැසසුමට ලක් කළා

දිළිඳුකමේ ගැටලුවට මුහුණ දෙන අනෙකුත් රටවල් සඳහා එම සංකල්පය තව දුරටත් මාර්ගයක් වන බව ද අග්රාමාත්යවරයා ප්රකාශ කල

කෘෂිකාර්මික වර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා නව මුල්පිරීම් අවශ්ය බව අග්රාමාත්යවරයා කියා සිටියේ එමඟින් දිළිඳුකම තුරන් කිරීම පමණක් නො ව සමාජ සහජීවනය සහ සාමය ද සහතික කරන බවයි

පුනර්ජනනීය බලශක්ති සම්පත් ප්රයෝජනයට ගැනීම අත්යවශ්ය බව අග්රාමාත්යවරයා මෙහිදී අවධාරණය කළා.

කොළඹ වරාය, හම්බන්තොට වරාය මෙන් ම කොළඹ වරාය නගරය පුළුල් කිරීම පිළිබඳ ව පැහැදිලි කළ අග්රාමාත්යවරයා, එය ශ්රී ලංකාවේ පමණක් නොව කලාපයේ රටවල ද වේගවත් ප්රගතියක් සහතික කරන ප්රධාන මූල්ය කේන්ද්රස්ථානයක් විය හැකි බව පෙන්වා දුන්නා

සමුළුව ඇමතූ අග්රාමාත්යවරයා –
ශ්රී ලංකාව වෙනුවෙන්, අනාගතය දෙස අපේක්ෂා සහිතව බලා සිටින ජාත්යන්තර ඉසව්වක්, දේශගුණික විපර්යාසයේ යථාර්ථය පිළිගන්නා ජාත්යන්තර ඉසව්වක් අද නියෝජනය කරනවා. පුනර්ජනනීය බලශක්ති අවශ්යතාවලට සහ ආසියානු දේශසීමා තුළ එකට වැඩ කිරීම සඳහා සහභාගී වීමට මෙන්ම ලොව පුරා සිටින සියලුම ජාතීන් සමඟ එක්ව කටයුතු කිරීමට අපි මෙය විශේෂ අවස්ථාවක් කර ගනිමු.

ප්රථමයෙන් චීනයේ ආර්ථික වර්ධනය වෙනුවෙන් කැපවී ක්රියා කළ නායකත්වයට, ශක්තිමත් ආර්ථිකයක් තුළ දැවැන්ත ශක්තියක් ලබාදුන් ජනාධිපති ෂී ජින්පින් මහතාට ස්තුතිය පුද කිරීමට කැමතියි. චීනයේ ආර්ථික වර්ධනය යනු ලෝකයේ ආර්ථික වර්ධනයයි. නව ආකාරයක සම්භාවනීය කථිකයන් විසින් සඳහන් කරන ලද පරිදි, ලෝකයේ ආර්ථික වර්ධනය අප දකින පරිදි ආමන්ත්රණය කිරීමට සිදුවනු ඇත. නව ආකාරය පැමිණෙන්නේ අපට අත් කරගත හැකි දේ සහ අප විසින් අත්පත් කරගෙන ඇති දේ පිළිබඳ යථාර්ථයන් මතය.පුනර්ජනනීය බලශක්තිය, දේශගුණික විපර්යාස සහ ආසියානු රටවලට වැදගත් ක්ෂේත්ර වන සාගර සම්පත් මූලික කරගත් නිල් ආර්ථිකයේ අනෙකුත් වෙනස්කම් සපුරාලිය යුතුය. මේවා සාක්ෂාත් කර ගැනීමටත් සාර්ථක වීමටත් අපි එකට වැඩ කළ යුතුයි.

ආසියාව පුරා සිටින අපගේ සහෝදර නායකයින් විසින් ආරම්භ කරන ලද සහ සහයෝගය දක්වන මෙම වැඩසටහන් සඳහා ශ්රී ලංකාවේ සිට අපි සහභාගී වෙමින් සිටිනවා. වඩා හොඳ ජීවන මට්ටමක් කරා ළඟා වීම සඳහා අප සැමට එකට ගෙන යා හැකි සහ ක්රියාවට නැංවිය හැකි සාර්ථක කතාවක එක් උදාහරණයක් ගැනීමට මම කැමතියි. මිලියන සංඛ්යාත චීන ජනතාවක් දරිද්රතාවයෙන් වඩා හොඳ සහ උසස් ජීවන තත්ත්වයකට ගෙන ඒමේ අත්හදා බැලීම සාර්ථක කතාවක් ලෙස හැඳින්වුවද, අපි සියල්ලෝම දරිද්රතාවයේ ගැටලුවලට මුහුණ දෙනවා.

ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ ගැටලුවලට අප සැම මුහුණ දී තිබෙනවා. අද චීනයේ නිෂ්පාදනය කරන බීජ සහල් මඟින් නිෂ්පාදනය වැඩි කිරීමටත්, ගොවීන්ට ඉහළ ආදායමක් ලබා දීමටත්, අපගේ ආහාර සුරක්ෂිතතා ගැටලු සඳහා ශක්තිමත් අනාගතයක් සහතික කිරීමටත් හැකිවී තිබෙනවා.
වසර ගණනාවක් පුරා, දශක ගණනාවක් පුරා, සියවස් ගණනාවක් පුරා, ආහාර සුරක්ෂිතතාව, යහපත් පරිසරයේ සුරක්ෂිතභාවය සහ එය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ අභිලාෂයන් වැනි අභියෝගවලට ජනගහනය මුහුණ දී ඇති නිසයි මම මේ ප්රශ්න දෙක මතු කරන්නේ.

අද බොආඕ සමුළුව නියෝජනය කරන්නේ පුනර්ජනනීය බලශක්තියට ඇදී ආ නව ආයෝජනවලින් 50%ක් පමණ නිෂ්පාදනය කරන රටවල් බව අපි කවුරුත් දන්නවා. එය අනාගතය සඳහා වූ පොරොන්දුවකි. එය විශ්වාසදායක පදනමක් මත විය හැකි අනාගතය බෙදාගැනීමේ වගකීම ඉදිරියට ගෙන යාමට එක් වූ රටවල් විසින් බොආඕ සම්මේලනය මගින් ඇති කර ඇති විශාල විශ්වාසයක්. අද සිට මෙම පණිවිඩය තම ප්රදේශ වෙත රැගෙන යන සියලුම නියෝජිතයින්ට මම මේ සමඟ නැවත වරක් ස්තූතිවන්ත වෙනවා.

වෙළඳ බාධක ලිහිල් කරන්න, විවිධ ආකාරයේ සංචාරක ව්යාපාරයක් සඳහා වූ ක්ෂේත්ර, විමෝචනය පිළිබඳ නව අවශ්යතා, පුනර්ජනනීය බලශක්තිය සඳහා නව සැලසුම් සහ වැඩසටහන් වලින් අපගේ ග්රහලෝකය වඩාත් සුරක්ෂිත සහ විශ්වාසවන්ත අනාගතයකට ගෙන යා හැකියි.

ශ්රී ලංකාව වෙනුවෙන් මෙම වචන කිහිපය සමඟ, බටහිර, නැඟෙනහිර අප්රිකාවේ සිට ආසියාවේ නැඟෙනහිර දෙසට සියලු වෙළෙඳාම් ගලා ඒම සඳහා ඉන්දියානු සාගරයේ මුහුදු මාර්ග වෙනුවෙන් අප කැපවී සිටින බැවින්, එක් ව කටයුතු කිරීමට අපගේ සහයෝගය ලබාදීමට ප්රතිඥා දෙනවා.

චීනයේ සහාය ඇතිව ශ්රී ලංකාවේ වරාය සංවර්ධනයක නව මුහුණුවරක් ගෙන ඇති අතර, එය අප අගය කරනවා. ශ්රී ලංකාවේ, කොළඹ වරාය, අත්යවශ්ය වන සංවර්ධනය සහ ආයෝජන සඳහා අපේ රටවල් අතර වර්ධනය වන නව ඉල්ලීම් සපුරාලිය හැකි නව සංවර්ධිත වරායක කේන්ද්රස්ථානයක් බවට පත්වනු ඇති.

අප මුහුණ දෙන අනාගතය සඳහා සාර්ථක සහ විශිෂ්ට ඒකාබද්ධ වැඩසටහනක් තුළ මෙය නැගෙනහිර ආසියාවේ සිට නැඟෙනහිර අප්රිකාව දක්වා සහ අප සැමට එක්ව ක්රියා කළ හැකි නිල් මුහුද පිළිබඳ වර්තමාන තත්ත්වය වෙනස් කරනු ඇති. අනාගතය සඳහා සියලු දේශයන්ට සාර්ථකත්වය පතනවා.

කාම්බෝජය, ඩොමිනිකා, කසකස්තානය, නාවුරූ යන රටවල ජනාධිපතිවරුන් ගේ ද සහභාගීත්වයෙන් පැවති බොආඕ සමුළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික මහජන කොංග්රසයේ සභාපති ෂාවෝ ලෙයිජි (Zhao Leiji) විසින් ආරම්භ කරන ලද අතර ගෝලීය හරිත අරමුදලේ (Global Green Fund) සභාපතිවරයා වන එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් ද ශ්රී ලංකාව වෙනුවෙන් රාජ්ය අමාත්යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්රියන්ත, පාර්ලිමේන්තු මන්ත්රී යදාමිණි ගුණවර්ධන, ශ්රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග් අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක යන අය මෙම සමුළුවට සහභාගී වුනා

The post දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන්න – අගමැති ආසියානු රටවලින් ඉල්ලයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

Minister of State for Finance Ranjith Siyambalapitiya has said that new liquor licenses will be issued only based on factors such as the country s population and tourist arrivals.

- island.lk

Travis Head and Abhishek Sharma are used to going bang, bang and pretty much killing off games in the first six overs at IPL 2024. But in the first qualifier in Ahmedabad, it was Mitchell Starc who went bang, bang, bang in the powerplay to secure Kolkata Knight Riders’ spot in the IPL final on […]

- adaderana.lk

A derailment between Pothuhera and Kurunegala railway stations has reportedly delayed train services on the main line.

- island.lk

United States of America, the No. 19 ranked cricket team in T20Is, shocked Bangladesh, the ninth ranked team in the world, with a five-wicket victory in Texas. More impressively, the hosts dominated most of the proceedings, as they took a 1-0 lead in the three-match series, picking up their second win against a Full Member […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 22 May 2024 by the Department of Meteorology The Southwest monsoon conditions are gradually establishing over the island; hence, the prevailing showery and windy conditions will continue further. Cloudy skies can be expected over most parts of the island. Showers or thundershowers will occur at times in Western, […]

- adaderana.lk

The Meteorology Department says that Southwest monsoon conditions are gradually establishing over the island and hence the prevailing showery and windy conditions will continue further.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc