දේවස්ථාන ආශ්රිතව ආරක්ෂාව තර කෙරේ
පාස්කු ඉරුදින දේව මෙහෙයන් පැවැත්වෙන අද දිනයේ සියලු කිතුනු දේවස්ථාන ආශ්රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
දේව මෙහෙය අවසන් වී සියලු බැතිමතුන් සිය නිවෙස් වෙත ගමන් කෙරෙන තෙක් අද පස්වරුව දක්වාම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
ඊයේ දිනට යෙදී තිබූ මහා සිකුරාදා දින දේව මෙහෙයන් ආරම්භයේ සිටම එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්රියාත්මක වූ අතර එය අද දිනයේ දී තවත් තීව්ර කර තිබේ.
The post දේවස්ථාන ආශ්රිතව ආරක්ෂාව තර කෙරේ appeared first on ITN News.