බහින්බස් වීමක් දුරදිග ගොස් බාල සහෝදරයා අතින් වැඩිමහල් සහෝදරයා ඝාතනය වෙයි
බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් බාල සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී තම වැඩිමහල් සහෝදරයා ව ඝාතනය කර තිබෙනවා.
රුවන්වැල්ල, කුඩගම ප්රදේශයේදීයි එම සිදුවීම වාර්තා වී තිබෙන්නේ.
මියගොස් ඇත්තේ, කුඩගම, අමිතිරිගල ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.
මරණකරු නිවස අවට පිරිසිදු කරමින් සිටියදී ඔහුගේ බාල සහෝදරයා පැමිණ ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් බාල සහෝදරයා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා එම ඝාතනය සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා.
ඝාතනයට සම්බන්ධ 40 හැවිරිදි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
The post බහින්බස් වීමක් දුරදිග ගොස් බාල සහෝදරයා අතින් වැඩිමහල් සහෝදරයා ඝාතනය වෙයි appeared first on ITN News.