අපරාධයකට සූදානමින් සිටි 3 දෙනෙකු අත්අඩංගුවට
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ජීව උණ්ඩ හා තියුණු ආයුධ සමග පුද්ගලයින් 3 දෙනෙකු ගලහ ප්රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිසියම් අපරාධයකට සූදානමින් සිටි මෙම පුද්ගලයින් 3 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ගලහ පොලිස් වසමේ පුපුරැස්ස / නුවරඑළිය මාර්ගයේ කළ වැටලීමකදීයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොල කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණා. විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් / ජීව උණ්ඩ 7ක් හා තියුණු ආයුධ 4 ක් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post අපරාධයකට සූදානමින් සිටි 3 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.