තවත් නැනෝ ජල පරිපහදු යන්ත්රාගාර 24ක් උතුරට
උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර ජනතාවගේ පානීය ජල ගැටලුව විසදීමට තවත් නැනෝ ජල පරිපහදු යන්ත්රාගාර 24ක් ස්ථාපිත කෙරුණා. එය ලබන සෙනසුරාදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
වව්නියාව ජල පිරිපහදු යන්ත්රාගාර 6ක් සහ කිලිනොච්චි ජල පිරිපහදු යන්ත්රාගාර 18ක් විවෘත කෙරෙනවා. මෙම කටයුතු සිදුකෙරෙන්නේ සැමට සුරක්ෂිත පානීය ජලය ලබාදීමේ රජයේ සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින්. 2021 වසරේ ආරම්භ කළ ව්යාපෘතිය යටතේ උතුරේ නැනෝ ජල පිරිපහදු යන්ත්රාගාර 50ක් ඉදිකිරීම සැළසුමයි.
ඒ අනුව මුලතිව් යන්ත්රාගාර 4ක් කිලිනොච්චි හා වව්නියාව යන්ත්රාගාර 23ක් ස්ථාපිත කෙරුණා. මුලු ව්යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 211ක්.
පසුගිය වසර අවසානයේ දී පළමු අදියර ලෙස නැනෝ ජල පිරිපහදු යන්ත්රාගාර 26ක් ජනතා අයිතියට පත් කෙරුණු අතර මෙම සම්පූර්ණ ව්යාපෘතියෙන් පවුල් 16,480කට ප්රතිලාභ හිමිවනවා.
The post තවත් නැනෝ ජල පරිපහදු යන්ත්රාගාර 24ක් උතුරට appeared first on ITN News.