අප්රේල් මාසයේදී දේශීය බිත්තරයක් 35ට අඩුවෙන්
අප්රේල් මාසය තුළදී දේශීය බිත්තරයක් රුපියල් 35ට වඩා අඩු මිලකට ගෙන ඒමට හැකි බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්යතාව ඉක්මවා ගොස් තිබෙනවා.
දේශීය වෙළදපලේ කුකුළු බිත්තරයක මිල රුපියල් 42ත් 48ත් දක්වා මිල ගණන් යටතේ අලෙවි වනවා.
අවුරුදු මාසයේ දී බිත්තරයක මිල රුපියල් සියය ඉක්මවන බවට ඇතැම් පිරිස් ප්රචාර ගෙන ගියද රුපියල් 35කට අඩු මිලකට බිත්තර ලබාදිය හැකි බවයි අමාත්යවරයා පෙන්වා දෙන්නේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්යවරයා මේ බව ප්රකාශ කළා.
The post අප්රේල් මාසයේදී දේශීය බිත්තරයක් 35ට අඩුවෙන් appeared first on ITN News.