යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 810 දෙනෙකු අත්අඩංගුවට
විස මත්ද්රව්ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලය මර්දනය කිරීමේ අරමුණෙන් ක්රියාත්මක විශේෂ මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 810 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයින පුරා ක්රියාත්මක මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 810 දෙනා අතර සැකකාරියන් 7 දෙනෙකු ද සිටින බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් පිරිසෙන් 40 දෙනෙකු වැඩිදුර විමර්ශන සදහා රදවා ගැනිමේ නියෝග මත පොලිස් භාරයේ තබා ගැනිමටයි තීරණය කර ඇත්තේ.
සැකකරුවන් 9 දෙනෙකු පුනරුත්ථාපන මධ්යස්ථාන කර යොමු කිරීමට පියවර ගෙන ඇත්තේ ඔවුන් කලින්ම මත්ද්රව්ය භාවිතයට ඇබ්බැහි වූවන් බව හෙළිවීමෙන් අනතුරුවයි.
හෙරොයින් ග්රෑම් 221ක් අයිස් මත්ද්රව්ය ග්රෑම් 156ක්/ ගංජා මත්පෙති ඇතුළු තවත් මත්ද්රව්ය තොගයක් ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර හලාවත පොලිස් කොට්ඨාසයේ කොස්වත්ත පොලිසිය සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. හෙරොයින් හා නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර වරෙන්තුකරුවන් 8 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලුයම 2 සිට උදෑසන 6 දක්වා මෙහෙයුම ක්රියාවට නැංවීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ.
The post යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 810 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.