රත්නපුර ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනය ජනතා අයිතියට
රත්නපුර ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේ මූලික අදියරේ ඉදිකිරීම් අවසන් කර එය ජනතා අයිතියට පත් කෙරුණා.
දිස්ත්රික් මට්ටමින් සියලු පහසුකම් සහිත ක්රිඩාංගන 25 ක් ඉදිකිරීමේ ව්යාපෘතිය යටතේයි මෙය ඉදි කෙරුණේ.
රත්නපුර / මුද්දව / මොණරවිල මෙම ක්රිකට් ක්රීඩාංගනය ඉදි කෙරමින් පවතින්නේ ශ්රීලංකා ක්රිකට් ආයතනයේ මූල්ය දායකත්වය යටතේයි.
සබරගමු පළාතේ ක්රිකට් ක්රීඩාවේ නිරත ක්රීඩකයින්ගේ සහ ක්රීඩා සංගම්වල මෙන්ම පාසල් ක්රිකට් ක්රීඩකයින්ගේ භාවිතය සදහා මෙම ක්රීඩාංගනය මහගු පිටුවහලක් වනු ඇති.
මූලික අදියර ජනතා අයිතියට පත් කෙරුණේ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්රධානත්වයෙන්.
ශ්රී ලංකා ක්රිකට් පිතිකරණ පුහුණු උපදේශක සනත් ජයසූරිය/ විස්සයි විස්ස නායක වනිදු හසරංග ඇතුළු ක්රිකට් ක්රීඩකයින් පිරිසක් ද අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post රත්නපුර ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනය ජනතා අයිතියට appeared first on ITN News.