ITN විශිෂ්ඨයන් අතර අති විශිෂ්ඨයා වෙයි

- itnnews.lk

20 වන රයිගම් සම්මාන උළෙලේ සමස්ත සම්මාන අතරින් සම්මාන 22 ක් හිමිකරනිමින් නාලිකාවක් හිමිකරගත් වැඩිම සම්මාන ගොන්නට උරුමකම් කියූ ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලය වසරේ සම්මානනීය නාලිකාව ලෙස රයිගම් සම්මාන උළෙලේ දී කිරුළු පළදින්නට සමත්වුණා.

මේ අතර වසරේ සම්මානනීය ටෙලිනාට්ය නාලිකාව ලෙසද සම්මාන දිනාගත්තේ ස්වාධීන රූපවාහිනියයි.

20 වෙනි රයිගම් සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ රාත්රියේ කොළඹ ෂැංග්රිලා හෝටලයේදී පැවැත්වුණා.

රයිගම් සමූහ ව්යාපාරයේ සභාපති රවී ලියනගේ මහතාගේ උපදේශකත්වයෙන් සංවිධාන කෙරුණු 20වන රයිගම් සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.

සම්මාන උළෙල ආරම්භ කරමින් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කොඩි ගහ යට ටෙලිනාට්යයේ රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය දිනා ගැනීමට තරින්දි ප්රනාන්දු සමත්වුණා.

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ එයා දැන් බැදලා ටෙලිනාට්ය වෙනුවෙන් ප්රදීප් රාමවික්රම ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවා.

විශිෂ්ටතම සංගීත වැඩසටහන ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ චලනි සිරිවර්ධන අධ්යක්ෂණය කළ නුරා විත් කවර්ස් ක්ලබ්.

විශිෂ්ටතම සම්ප්රවේශක දෙමළ වසන්තම් ටීවී හි ඉර්ෆාන් මොහොමඩ්.

විශිෂ්ටතම ටෙලිනාට්ය අංග රචනය ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ එයා දැන් බැදලා ටෙලිනාට්යයේ අංග රචන ප්රේමලාල් ලියනගේ.

විශිෂ්ටතම කැමරා අධ්යක්ෂණය  එයා දැන් බැදලා ටෙලිනාට්යයේ චන්දන ජයසිංහ.

විශිෂ්ටතම ටෙලිනාට්ය සංස්කරණය එයා දැන් බැදලා ටෙලිනාට්යයේ සංස්කරණ ශිල්පී රංගන සිංහාරගේ.

විශිෂ්ටතම ටෙලි තිර රචනය එයා දැන් බැදලා ටෙලිනාට්යයේ තිර රචක ප්රසන්න ජයකොඩි.

විශිෂ්ටතම සහාය නළුවා එයා දැන් බැදලා ටෙලිනාට්යයේ රංගනය වෙනුවෙන් සරත් කොතලාවල දිනාගත්තා.

විශිෂ්ටතම ටෙලිනාට්ය සහාය නිලිය ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්ය යේ රංගනය වෙනුවෙන් නයනතාරා වික්රමාරච්චි හිමිකර ගත්තා.

විශිෂ්ටතම ටෙලිනාට්ය කලා අධ්යක්ෂණය ස්වාධීන රූපවාහිනියේ කොඩි ගහ යට ටෙලිනාට්යයේ කලා අධ්යක්ෂණය වෙනුවෙන් හර්ෂ පෙරේරා සහ ලක්මාල් සදරුවන් හිමිකර ගත්තා.

විශිෂ්ටතම ටෙලි ගීත රචනය කොඩි ගහ යට ටෙලිනාට්යයේ ඉරක් ගිහින් ගීතය රචනා කළ දිමුතු කාලිංග හිමිකර ගත්තා.

විශිෂ්ටතම නැගී එන නළුවා කොඩි ගහ යට කලූගේ චරිතය රග පෑ නලීන් ලුසේනා.

විශිෂ්ටතම නැගී එන නිලිය ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ෆෝ චූන් රෙසිඩන්සි ටෙලිනාට්යයේ රංගනයට එක්වූ ශයිනි නෙත්තිකුමාරි හිමිකර ගත්තා.

මෙවර රයිගම් සම්මාන උළෙලේ ජනගතම ටෙලිනාට්ය දෙවන ස්ථානයට හිමි සම්මානය දිනාගත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ජානු ටෙලිනාට්යයි.

වසරේ ජනගතම ටෙලිනාට්යයට හිමි සම්මානය ටීවී දෙරණ නාලිකාවේ ඉස්කෝලෙ ටෙලිනාට්ය හිමිකර ගත්තා.

වසරේ ජනප්රියතම ටෙලිනාට්ය දෙක අතරට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ජානු ටෙලිනාට්ය සහ හිරු ටීවි නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලිනාට්ය තේරී පත්වූ අතර ඉන් වසරේ ජනප්රියතම ටෙලිනාට්ය ලෙස සම්මාන දිනාගත්තේ ස්වාධීන රූපවාහිනියේ ජානු ටෙලිනාට්යයි.

වසරේ ජනගතම රූපවාහිනී නාලිකා පහ අතරට ස්වාධීන රූපවාහිනී නාලිකාව ද එක්ව තිබූ අතර ඒ අතුරින් ජනගතම රූපවාහිනී නාලිකාව ලෙස ටීවී දෙරණ සම්මාන හිමිකර ගත්තා.

වසරේ ජනප්රියම නළුවා සාරංග දිසාසේකර.

වසරේ ජනප්රියම නිලිය දුෂේනි මියුරංගි.

මෙරට කලාවට සිදුකළ සේවාව වෙනුවෙන් විශේෂ ප්රණාම සම්මාන පිරිනැමීමක්ද මෙහිදී සිදුකෙරුණා.

මෙවර සම්මාන උළෙලේ ප්රතිභා ප්රභා ගෞරව සම්මානයෙන් සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

සම්මාන උළෙලේ ප්රධාන ආරාධිතයා ලෙස එක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සම්මාන උළෙල ඇමතුවේ ඉන් අනතුරුවයි.

20 වන රයිගම් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්ය ලෙස සම්මාන දිනාගත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ එයා දැන් බැදලා ටෙලිනාට්යයයි.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්ය අධ්යක්ෂණය වෙනුවෙන්  එයා දැන් බැදලා ටෙලිනාට්යයේ අධ්යක්ෂ ප්රසන්න ජයගොඩි සම්මාන හිමි කරගත්තා.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්ය නළුවා එම නාට්යයේ සිරීගේ චරිතය නිරූපනය කළ මහේන්ද්ර පෙරේරායි.

සේමිණි ඉද්දමල්ගොඩ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්ය නිලිය ලෙස සම්මාන හිමිකර ගත්තා.

වසරේ සම්මානනීය ටෙලිනාට්ය නාලිකාව ලෙස මෙවර සම්මානය දිනාගත්තේ ස්වාධීන රූපවාහිනී නාලිකාවයි.

වසරේ සම්මානනීය නාලිකාව ලෙස ද මෙවර සම්මානයට පාත්රාවීමට ස්වාධීන රූපවාහිනියට හැකිවුණා.

 

 

 

The post ITN විශිෂ්ඨයන් අතර අති විශිෂ්ඨයා වෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Lanka Premier League (LPL) today announced the termination and the retraction of rights of the ÂDambulla Thunders franchise, effective immediately.

- colombogazette.com

Former Sri Lankan cricketer Russel Arnold has been named a Multicultural Ambassador by Australia. The former cricketer who won 225 international caps across all 3 formats (1997 – 2007) is now an international cricket commentator and Level 3 High Performance coach. The father of two is a Trustee with the Foundation of Goodness, working to […]

- colombogazette.com

The Chairman of Aura Lanka Group of Companies, Viranjith Thambugala, was arrested and remanded over allegations of financial fraud. The businessman was produced in court and remanded till 27 May. In 2022 the ownership of the Dambulla team in the Lanka Premier League cricket tournament was procured by Aura Lanka Sports Pvt Ltd. (Colombo Gazette)

- island.lk

More than 140 travellers and crew members who were onboard a flight hit by severe turbulence landed in Singapore on a relief flight earlier this morning. Passengers onboard SQ321 which was heading from London to Singapore, recounted scenes of “absolute terror”, with one passenger saying he saw a woman with an “awful gash on her […]

- island.lk

President Ranil Wickremesinghe announced the implementation of a new program aimed at improving the living conditions of retired security forces members. The President highlighted that, in the absence of a dedicated program, some veterans have faced difficult situations and directed the State Minister of Defence, the Ministry of Defence, and the Ranaviru Seva Authority to […]

- colombogazette.com

President Ranil Wickremesinghe has confirmed that the Presidential elections will be held this year. He told his Cabinet that funds have already been allocated to hold the election this year. The Election Commission of Sri Lanka announced recently that the Presidential election will be held on a day between 17th September and 16th October 2024. The […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc