ඊශ්රාලයට අවශ්ය තවත් යුද ආධාර තොගයක් ලබාදීමට ඇමෙරිකාව එකඟ වෙයි
ඊශ්රාලයට අවශ්ය තවත් යුද ආධාර තොගයක් ලබාදීමට ඇමෙරිකාව එකඟතාව පළකර තිබෙනවා.
ගාසා තීරයේ මෙහෙයුම් කටයුතු සදහා අවශ්ය බෝම්බ හා ප්රහාරක ගුවන් යානා මෙලෙස ලබා දෙන බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ. එම යුද ආධාර තොගයේ වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන දෙකයි දශම පහක් පමණ වනවා.
ඇමෙරිකාව ලබා දීමට නියමිත එක් බෝම්බ වර්ගයකින් එය පතිත වන ස්ථානයේ සිට මීටර් දාහක දුරින් සිටින පුද්ගලයෙකු වුවද මරා දැමීමට හැකියාව පවතින බවයි විදෙස් මාධ්ය පෙන්වා දෙන්නේ.
රෆා ප්රදේශයේ මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඊශ්රායලයට විරෝධය දක්වන අතරතුර අනෙක් පසින් යුද ආධාර ලබාදීම ජාත්යන්තරයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
The post ඊශ්රාලයට අවශ්ය තවත් යුද ආධාර තොගයක් ලබාදීමට ඇමෙරිකාව එකඟ වෙයි appeared first on ITN News.