නුවරඑළියේ හෝටලයක ගින්නක්
නුවරඑළිය නගර මධ්යයේ පිහිටි ප්රධාන හෝටලයක අද (31) දහවල් ඇති වූ ගින්නකින් මුළුතැන්ගෙය මුළුමනින්ම විනාශ වී ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.
ප්රධාන වීදීයේ ප්රධාන හෝටලයක් තුළ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව ගෑස් කාන්දු වීමක් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය කර ගැනීමට හැකිවූ බවද නුවරඑළිය පොලිසිය කියයි.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර දේපොළ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.
නුවරඑළිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
The post නුවරඑළියේ හෝටලයක ගින්නක් appeared first on ITN News.