බංග්ලාදේශය 476ක් පසුපසින්
ශ්රී ලංකාවට එරෙහිව දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස්කරගත්තා.
ළහිරු කුමාර යොමුකළ පන්දුවක් කෙළින්ම මහමුදුල් හසන්ගේ කඩුල්ලේ වැදීමෙන් ඔහුට ලකුණු 21කට දැවී ගියා.
ඒ අනුව දිනය නිමාවන විට බංග්ලාදේශය ශ්රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 476ක් පසුපසින් සිටියේය.
පළමු ඉනිම සඳහා ශ්රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කරගත්තේය.
The post බංග්ලාදේශය 476ක් පසුපසින් appeared first on ITN News.