රෝහල් කිහිපයක වර්ජනයක්
සෞඛ්ය සේවා වෘත්තිය සමිති සන්ධානය ප්රධාන රෝහල් කිහිපයක වෘත්තිය ක්රියාමර්ගයක් ආරම්භ කළා.
දිවයින පුරා පිහිටි තෝරාගත් රෝහල් කිහිපයක එම වර්ජනය ක්රියාත්මක වන බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්රම මහතා පැවසුවේ.
ඒ අනුව මහනුවර, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වල අද උදෑසන 6.30 සිට වර්ජනය ආරම්භ කර තිබෙනවා.
අද සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය සහ ජනාධිපති කාර්යාලය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඉදිරි ක්රියාමාර්ග ගන්නා බව චානක ධර්මවික්රම මහතා සඳහන් කළා.
The post රෝහල් කිහිපයක වර්ජනයක් appeared first on ITN News.