අද ප්රධාන රෝහල් 10 ක සෞඛ්ය සේවකයින් පැය 4 ක වැඩ වර්ජනයක්
අද (02) දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්රියාත්මක කරන බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
සෞඛ්ය සේවක ගැටලු සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණ ද ඊට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් අද දිනයේ වෘත්තීය ක්රියාමාර්ගයට එළඹි බවයි සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය සදහන් කළේ.
ඒ අනුව අද උදෑසන 8 සිට දහවල් 12 දක්වා මෙම වෘත්තීය ක්රියාමාර්ගය පැවැත්වෙනවා.
කොළඹ ජාතික රෝහල, කරාපිටිය, යාපනය, මඩකලපුව සහ පේරාදෙණිය යන ශික්ෂණ රෝහල්, ගම්පහ, කෑගල්ල, පොළොන්නරුව, ත්රිකුණාමලය සහ වව්නියාව යන මහ රෝහල්වල මෙන්ම මන්නාරම මූලික රෝහලේ මෙම වෘත්තීය ක්රියාමාර්ගය සිදුකෙරුණා.
මේ අතර සෞඛ්ය සේවකයින් සහ මුදල් අමාත්යංශය අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. සෞඛ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ඉල්ලීම්වලට පිළිතුරු නොලැබුණු හොත් අඛණ්ඩ වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹෙන බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරනවා.
The post අද ප්රධාන රෝහල් 10 ක සෞඛ්ය සේවකයින් පැය 4 ක වැඩ වර්ජනයක් appeared first on ITN News.