මෛත්රිපාල සිරිසේන: ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණය දුන් වාරණ ...
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (අප්රේල් 04 වැනිදා) වාරණ නියෝගයක් නිකුත් කළේය.ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වශයෙන් කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.