ජයගමු ශ්රී ලංකා දෙවන දිනටත් ගම්පහදී
ජයගමු ශ්රී ලංකා ජංගම සේවාවේ ගම්පහ දීස්ත්රික් වැඩසටහන අද දෙවන දිනටත් පැවැත් වෙනවා.
ජයගමු ශ්රී ලංකා වැඩසටහන ක්රියාත්මක කරන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්වයි.
ප්රදේශයේ පදිංචි විදෙස්ගත වූවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් මේ යටතේ වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා.
ජයගමු ශ්රී ලංකා ජංගම සේවාව ගම්පහදී ඊයේ ආරම්භ වූ අතර දෙවන දිනයේ වැඩසටහන ආරම්භ කෙරුණේ අමාත්ය මනූෂ නානායක්කාර හා රාජ්ය අමාත්ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙනුයි.
ගම්පහ නගර සභා ක්රීඩාංගනයේ පැවැත්වෙන මෙම ජංගම සේවාවට විශාල පිරිසක් සහභාගී වී සිටිනවා.
The post ජයගමු ශ්රී ලංකා දෙවන දිනටත් ගම්පහදී appeared first on ITN News.