ග්රාම නිලධාරී දීමනා ඉහළට
ග්රාම නිලධාරී දීමනා ඉහළ නංවා ඇති බව රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත මහතා පවසනවා.
පුත්තලම දිස්ත්රික් ප්රාදේශීය ලේකම්වරුන්ගේ ගැටලු පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවේදී රාජ්ය අමාත්යවරයා මේ බව ප්රකාශ කළා.
ග්රාම නිලධාරීන් සඳහා ලබාදෙන කාර්යාල සහ ලිපි ද්රව්ය දීමනාව අප්රේල් පළමුවනදා සිට ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව මහනගර සභා , නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 3,000ක් සහ ප්රාදේශීය සභා සීමාව තුළ මාසික දීමනාව රුපියල් 2,000ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
මීට අමතරව වාර්ෂික ලිපි ද්රව්ය දීමනාව රුපියල් තුන්දහසක් ලෙස සංශෝධනය කර ඇති බවයි අත්යවරයා ප්රකාශ කළේ.
මේ සඳහා අවශ්ය අතිරේක ප්රතිපාදන ප්රමාදයකින් තොරව මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන ගෙවීම් සිදුකිරීමට නියමිතයි.
The post ග්රාම නිලධාරී දීමනා ඉහළට appeared first on ITN News.