රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දීමටයි

- itnnews.lk

රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දෙමින් රට ශීඝ්ර සංවර්ධනයක් කරා ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.

එම නව ආර්ථිකය ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේදී සම්මත කර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ කළේ ඊයේ (07) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති“ මගෙන් පටන්ගමු මහනුවර දිස්ත්රික් තරුණ සමුළුව“ අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

රට ශීඝ්ර දියුණුවකට ගෙන ගියේ නැත්නම් රටට අනාගතයක් නැහැ. රටේ ආර්ථිකය එක තැන පල්වීමට ඉඩ තබනවාද, එය ඉදිරියට ගෙන යනවාද නැත්නම් කඩා වැටීමට ඉඩ තබනවාද කියා තීරණය කළ යුත්තේ තරුණ පරපුරයි.

අද රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ප්රතික්ෂේප කළොත් රටේ ආර්ථිකය නැවත කඩාවැටීමකට ලක් වෙනවා. සෑම අයෙකුටම රට හැර යාමට ආර්ථික හැකියාවක් නැහැ. එසේනම් අප සියලු දෙනා එක්ව රටේ ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි.

දැනට රට තුළ ක්රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ තරුණ තරුණියන් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන් වෙනසක් ඉල්ලා සිටිනවා. රට තුළ නව ආර්ථිකයක් ගොඩනැඟීමට අප කටයුතු කරන්නේ එම වෙනස ලබාදීම සඳහායි.

ඒ සඳහා අවශ්ය මූලික නීති මෙම මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේ දී සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා. ආර්ථිකය වෙනස් කිරීමට නම් රටේ නීති පද්ධතිය ද වෙනස් කළ යුතුයි.

රට ශීඝ්ර ආර්ථික දියුණුවක් කරා ගෙන යාමේදී රජයේ සෑම දෙපාර්තමේන්තුවකම හා සංස්ථාවකම සහාය අවශ්ය වෙනවා. එසේ සිදු කිරීමට නොහැකි නම් එම ආයතන ව්යුහය සංශෝධනයකට ලක් කළ යුතුයි.

ඒ වගේම ගමේ ආර්ථිකය දියුණු නොකර රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. දියුණු සෑම රටක්ම ග්රාමීය කෘෂි ආර්ථිකය දියුණු කර තිබෙනවා. ගමට නවීන කෘෂිකර්මාන්තය ගෙන ඒමට අප කෘෂි නවීකරණ වැඩසටහන ක්රියාත්මක කර තිබෙන්නේ ඒ නිසයි. එසේ නම් වෙනසක් සමඟ ඉදිරියට යනවාද, එක තැන පල්වෙනවාද කියා තරුණ ඔබ තීරණය කළ යුතුයි.

1977 එක්සත් ජාතික පක්ෂය බලය ලබාගත් අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්රකාශ කළේ රට ඉදිරියට ගෙන යාම සිදු කළ යුත්තේ තරුණ පිරිස කියලයි. “ඔබ එය සිදුකිරීමට සූදානම් නම් මම අවශ්ය මඟපෙන්වීම ලබාදෙන්නම් කියලා” එතුමා ප්රකාශ කළා.

ඒ අනුව තරුණ අප මැතිවරණයට ඉදිරිපත්ව එක්සත් ජාතික පක්ෂය ජයග්රහණය කරා ගෙන ගියා. ඉන් පසුව එතුමා මහවැලි ව්යාපාරය ආරම්භ කළා. වසර 30ක් ගතවන බව පැවසූ මහවැලි ව්යාපාරය වසර 10කින් අවසන් කිරීමට හැකි වුණා.

ඒ වගේම රටට අවශ්ය විදුලි බලය ලබා දුන්නා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සමයේදී වෙළෙඳ කලාප දෙකක් ආරම්භ කළා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් ආර්. ප්රේමදාස ජනාධිපතිවරයා රටපුරා ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් ආරම්භ කර ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කළා.

අප එදා තරුණයන් ලෙස මෙම වැඩසටහන් ඉල්ලා සිටියා. තරුණ පරපුර ලෙස අද ඔබ ඊට සූදානම් නම් අප එක්ව මෙම ගමන යමු. නව ආර්ථිකයක් ඇති කිරීමට අවශ්ය නීති ගෙන ඒමට අප කටයුතු කරනවා. ආර්ථිකය ප්රතිව්යුහගතකරණ පනත ගෙනවිත් අප එම වැඩපිළිවෙළ ආරම්භ කරමු. තවද රජයේ මුදල් පාලනය කිරීමට නව මුදල් පනතක් ගෙන ඒමටද කටයුතු කරනවා.

අද රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන් වුවත් රැකියා නියුක්ත කාන්තා නියෝජනය ප්රමාණවත් නැහැ. ඒ නිසා කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව පනත් දෙකක් අප ගෙන එනවා. මේ සියල්ලම මෙම මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සමඟ රටේ විශාල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස සඳහා එක්වන ලෙස මම ඔබට ආරාධනා කරනවා.

ඔබව බොරුවෙන් මුලාකරන කිසිඳු පාර්ශ්වයකට මම ඉඩදෙන්නේ නැහැ. ඔබේ ප්රශ්න පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. මෙම නව නීති ගෙන එන්නේ එම ප්රශ්න විසඳීමට බව කිව යුතුයි.

මෙහිදී තරුණ තරුණියන් මතු කළ ප්රශ්න කිහිපයක් සහ ඒවාට ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය,

ප්රශ්නය,
ජනාධිපතිතුමනි, අප රටේ විවිධ අණපනත් ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ළඟදී පිහිටවූ ජනසභාව හොඳ පනතක්. දැන් ජනසභා පිහිටුවීම මන්දගාමී වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

පිළිතුර,
ජන සභා හොඳ වැඩසටහනක්. මේ වන විට අත්හදා බැලීමේ පදනම මත කිහිපයක් ආරම්භ කර තිබෙනවා. ජනසභා නීතිගත කිරීමේදී ප්රශ්න ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතුයි. එහි සාමාජිකයන් තේරීම වැනි ප්රශ්න කිහිපයක් තිබෙනවා. පළාත් පාලන අමාත්යාංශය සමඟ සාකච්ඡා කර, ප්රශ්න විසඳගෙන මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුයි. මේ වසරේ නොහැකි වුවහොත් ලබන වසරේදී යළිත් ජනසභා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

ප්රශ්නය,
අස්වැසුම ප්රතිලාභ ලබාදීමේදී අඩුපාඩු සිදුව තිබෙනවා. දිළිඳු පවුල් සියල්ලටම අස්වැසුම ප්රතිලාභ ලැබෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

පිළිතුර,
එම අඩුපාඩු මඟහරවා ගනිමින් කටයුතු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් මෙම ප්රතිලාභය ලබාදීමේ දී සුදුසුකම් පිළිබඳව සොයා බලනවා. 2025 වසරේදී මෙම වැඩසටහන පරිගණකගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 24කට මෙම ප්රතිලාභය ලබාදීමට අපේක්ෂා කරනවා. අස්වැසුම වැඩසටහන ආරම්භ කළේ රටේ සියලු දළිඳු ජනතාවට සහනයක් ලබාදීමටයි.

ප්රශ්නය,
බිඳ වැටී තිබූ මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට යහපත් තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. කුඩා ව්යාපාර කර්මාන්තකරුවන්ට සංචාරක ව්යාපාරයේ ප්රතිලාභ බෙදී යන ආකාරයට වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවාද කියා දැන ගැනීමට කැමතියි.

පිළිතුර,
කොරෝනා වසංගතය සහ රට තුළ ඇති වු අයහපත් ආර්ථික තත්ත්වය නිසා මෙරට සංචාරක ව්යාපාරය කඩාවැටීමකට ලක් වුණා. නමුත් මේ වන විට අපේ රටට සංචාරකයන් පැමිණීම නැවතත් ඉහළ ගොස් තිබෙනවා.

සංචාරක ව්යාපාරයේ මෙම නව පිබිදිමත් සමඟ කුඩා පරිමාණයේ ව්යවසායකයන්ට සහන ලබාදීමට ද අප කටයුතු කරනවා. ඒ වගේම මෙරට සංචාරක ව්යාපාරය ශීඝ්ර වර්ධනයකට ගෙන යාමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සෑම පළාතකම සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීමට කමිටුවක් පත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

ප්රශ්නය,
වෘත්තීය පුහුණුව අවසන් කරන තරුණ තරුණියන් සඳහා ප්රමාණවත් රැකියා අවස්ථා නැහැ. වෘත්තීය පුහුණුව අවසන් කරන අභ්යාසලාභීන් සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර කුමක්ද කියා දැන ගැනීමට කැමතියි.

පිළිතුර,
ආර්ථික අර්බුදය නිසා ඇතැම් පිරිසකගේ රැකියා අහිමි වුණා. මේ වන විට රට බංකොලොත්භාවයෙන් ඉවත් වෙමින් තිබෙනවා.

විශේෂයෙන් රට තුළ ආයෝජන අවස්ථා පුළුල්වීමත් සමඟ නව රැකියා අවස්ථා රැසක් බිහි වෙනවා.

අමාත්ය මනූෂ නානායක්කාර, රාජ්ය අමාත්යවරුන් වන ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේ.කේ. පියදාස, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The post රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දීමටයි appeared first on ITN News.

You may also like

- onlanka.com

Sri Lankan President Ranil Wickremesinghe emphasized that the upcoming presidential election isn't about his personal victory or defeat but about the success or failure of the entire country.The post Sri Lanka President calls for National Focus on Economic Reform ahead of Elections appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- island.lk

The Cabinet of Ministers approved the proposal made by the Minister of Justice, Prison Affairs and Constitutional Reforms to publish the draft Bill introducing amendments to the Penal Code criminalizing all forms of sexual harassment and sexual assault including sexual harassment and sexual assault  in public places, in the Government Gazette and present the same […]

- island.lk

The Cabinet of Ministers approved the proposal presented by the Minister of Agriculture and Plantation Industries to instruct the legal draftsman to complete preparing the bill for the establishment of the Sri Lanka Institute of Food Science and Technology by including the amendments proposed by the Attorney General.  

- island.lk

The Cabinet of Ministers approved the proposal presented by the Minister of Industries to establish 25 “District Industry Promotion Councils” covering the entire island and to appoint a steering committee consisting of representatives from the public sector, private sector and other relevant institutions to determine the structure, role and responsibilities of those councils and to [&#...

- island.lk

The Cabinet of Ministers approved the proposal presented by the Hon. President in his capacity as the Minister of Finance, Economic Stabilization and National Policies to implement the National Tariff Policy in three phases from January 2025 and to publish the said policy through a gazette notification under section 101 of the Customs Ordinance for […]

- island.lk

The Cabinet of Ministers approved the proposal presented by the President in his capacity as the Minister of Finance, Economic Stabilization and National Policies to implement the following recommendations included in the report presented by the Secretary to the Ministry of Investment Promotions and the Secretary to the Ministry of Agriculture and Plantation Industries. • […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc