විශ්රාමික රණවිරුවන්ට සතුටු ආරංචියක්
විශ්රාමික රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය සඳහා ප්රමුඛ වැඩපිළිවෙලක් රජය මගින් ක්රියාත්මක කිරීමට නියමිත බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
ගජබා රෙජිමේන්තුවේ විශ්රාමික / වෛද්ය හේතුන් මත විශ්රාම ගැන්වු හමුදා සාමාජිකයන්ගේ සහ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයේ දී ආරක්ෂක රාජ්ය අමාත්යවරයා මේ බව ප්රකාශ කළා.
මෙම උත්සවය ආරම්භයේ දී රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට සහ උපදෙස් ලබාගැනීමට පහසුකම් සලසා දී තිබුණා.
මෙහිදි උත්සව සභාව ඇමතූ ආරක්ෂක රාජ්ය අමාත්යවරයා ප්රකාශ කළේ රටේ නිදහස හා සාමය වෙනුවෙන් අභීත රණවිරුවන් සිදුකළ උත්තරීත කැපකිරීම අමතක නොකළ යුතු බවයි.
The post විශ්රාමික රණවිරුවන්ට සතුටු ආරංචියක් appeared first on ITN News.