නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 08 ක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, නගරකෝවිල් මුහුදු ප්රදේශයේ සහ එම වෙරළ ප්රදේශයේ ඊයේ (08) දින උදෑසන කාලයේ සෝදිසි මෙහෙයුමක් සිදුකළා.
එහිදි නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් පන්සිය හතළිහක පමණ තොගයක්, ඩිංගි යාත්රා හතරක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 27 ත් 60 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් අට දෙනා, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්රා හතර සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණා.
The post නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.