How can Sri Lankan charities find international donors and partners?

සුචරිත සමාජයක් ගොඩ නැගීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් යෝජනා මාලාවක්

- itnnews.lk

පොදු ජන යහපත පිණිස සුචරිත සමාජයක් ගොඩනැගීම සඳහා ක්රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (09) භාර දෙනු ලැබුවා.

ආගමික අධ්යාපනය වර්තමානයේ දැඩි ලෙස සෝදා පාළුවකට ලක් වී ඇති බවත් ඒ හරහා අපරාධ රැල්ල සමාජය තුළ වේගයෙන් ව්යාප්ත වෙමින් පවතින බවත් පෙන්වා දෙමින් සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජිත ස්වාමීන්වහන්සේලා විසින් මෙම යෝජනා මාලාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අවධානය පිණිස ඉදිරිපත් කර තිබෙනවා.

පිරිවෙන් ආරම්භ කිරීම, ධර්මාචාර්ය විභාගය සමතුන්ට ගුරු සහායක පත්වීම් ලබාදීම, විද්යාපීඨ අරම්භ කිරීම වැනි පියවර ගනිමින් වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්රීවරයකු, නියෝජ්ය අමාත්යවරයකු, අමාත්යවරයකු මෙන්ම අගමැතිවරයෙකු ලෙසද ඉතිහාසය තුළ ආගමික අධ්යාපනය නඟා සිටුවීම වෙනුවෙන් සිදු කළ මෙහෙවර මෙහිදී සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඇගයීමට ලක් වුණා.

ශිෂ්ය ප්රජාවට දහම් පාසැල් අධ්යාපනය අනිවාර්ය ලෙස හැදෑරීමට අවකාශ සැලසීම, බෞද්ධ ධර්මාචාර්ය සමත් දහම්පාසැල් ගුරුවරුන් පාසැල් හෝ පිරිවෙන් ගුරු සහායකයන් ලෙස බඳවා ගැනීම, පූජාභූමි ඔප්පු ලබා දී නොමැති විහාරස්ථාන ඉඩම් සඳහා පූජාභූමි ඔප්පු ලබාදීමට කටයුතු කිරීම සහ ජාතික හා ජාත්යන්තර ථෙරවාදී බුදුදහමට එල්ල වෙමින් පවතින තර්ජන හඳුනා ගැනීම සහ ඊට අවශ්ය පියවර ගැනීම යන කරුණු මෙම යෝජනාවලිය තුළින් අවධානයට ලක් කර තිබෙනවා.

එසේම රටේ යහපැවැත්ම හා ආගමික පුනර්ජීවනයට අවශ්ය ක්රියාමාර්ග ගැනීම, ප්රාදේශීය සංවර්ධන කටයුතු වලදී අදාළ ප්රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල සහාය ලබාගැනීමට අවශ්ය පියවර ගැනීමට අදාළ යෝජනා ද ඊට ඇතුළත්.

ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවලින් බහුතරයක් රටේ පවතින නීතිරීති හා අනපනත්වලට යටත්ව ක්රියාත්මක කිරීම සඳහා මේනවිටත් අවශ්ය ක්රියාමාර්ග ගෙන ඇති අතර ඇතැම් ක්රියාමාර්ග ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අවධානයට යොමු කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙහිදී සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා ජයභූමි, ස්වර්ණභූමි වැනි බලපත්රලාභී ඉඩම් හිමියන් සඳහා ‘උරුමය’ ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබාදිමේ වැඩ පිළිවෙලක් මේ වන විටත් ජනාධිපතිවරයා විසින් ක්රියාවට නංවා ඇති බවයි.

තවද මේ වන විට ක්රියාත්මක කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සහ කඳුකර දශකය සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා, අදාළ ප්රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල නිර්දේශයන් ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළා.

එමෙන්ම මෙසේ ඉදිරිපත් කරනු ලබන ගැටළු විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා නිසි ලෙස අධ්යයනය කොට ගතයුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත නුදුරේදීම ඉදිරිපත් කෙරෙන බවත් සමන් ඒකනායක මහතා පැවසුවා.

ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වූවා.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය පූජ්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නාහිමි, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති ශ්යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වීය ලේඛකාධිකාරී මහාචාර්ය මැදගම ශ්රී ධම්මානන්ද නාහිමි ඇතුළු දිවයින පුරා පිහිටි ප්රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල නියෝජනය කරමින් ගෞරවනීය ත්රෛනිකායික ස්වාමීන්වහන්සේ, පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන, ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. පී රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

The post සුචරිත සමාජයක් ගොඩ නැගීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් යෝජනා මාලාවක් appeared first on ITN News.

You may also like

- onlanka.com

The Economic Transformation Bill and the Public Financial Management Bill were presented to the Sri Lankan Parliament today (May 22).The post Economic Transformation and Public Financial Management bills tabled in Sri Lankan Parliament appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

A 47-year-old Filipino woman was arrested at Bandaranaike International Airport (BIA) in Katunayake for attempting to smuggle over 2 kg of cocaine worth Rs. 200 million into Sri Lanka.The post Filipino Woman Arrested at BIA for Smuggling Rs. 200 Million Worth of Cocaine appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

According to Reuters, more than 140 passengers and crew from a Singapore Airlines flight that experienced severe turbulence, resulting in dozens of injuries and one death, finally arrived in Singapore on a relief flight Wednesday morning after making an emergency landing in Bangkok.The post Singapore Airlines flight diverts after severe turbulence leaves one dead, dozens injured appeared first on ...

- onlanka.com

Sri Lanka's consumer price inflation rose to 2.7% in April from 2.5% in March, according to official data released on Tuesday, as reported by Reuters.The post Sri Lanka’s April inflation climbs to 2.7%, up from March’s 2.5% appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Ministry of Foreign Affairs of Sri Lanka has strongly rejected the recent statement by Canadian Prime Minister Justin Trudeau, who accused Sri Lanka of committing "genocide" in a message dated May 18, 2024.The post Sri Lanka rejects Canadian Prime Minister’s genocide allegation appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

Sri Lanka's Samitha Dulan set a new world record in the Men's Javelin Throw F44 category at the Kobe 2024 Para Athletics World Championships.The post Samitha Dulan sets World Record and wins Silver at Kobe 2024 Para Athletics Championships appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc