ඇමරිකාවේ උද්ධමනය ඉහළට
ඇමරිකාවේ උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.
එරට නිවාස හා ඉන්ධන මිල ඉහළ යාමට මෙය දැඩිව බලපා තිබෙනවා
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ වසරේ මාර්තු දක්වා මාස 12ක කාලය තුළ සෑම ක්ෂේත්රයකම මිල ගණන් 3.2% සිට 3.5% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අනුව ඉන්ධන, නිවාස, කෑම බීම සහ ඇඳුම් පැළඳුම් සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
යුක්රේන යුද්ධය නිසා ඇති වූ ආහාර හා බලශක්ති මිල ඉහළ යාම ක්රමයෙන් අඩුවීමත් සමඟ 2023 දී ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පැමිනෙමිනුයි තිබුනේ.
කෙසේ වෙතත් ඇමරිකාවේ උද්ධමනය තවමත් එරට මහා බැංකුවේ 2%ක උද්ධමන ඉලක්කයට වඩා ඉහළ මට්ටමකයි පවතින්නේ.
The post ඇමරිකාවේ උද්ධමනය ඉහළට appeared first on ITN News.