අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය කළ වෙඩි තැබීමකින් එහි ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
නාදුනන පිරිසක් මාතර කනංකේ ප්රදේශයේ දී කුඩා ලොරි රථයකට ගවයින් පටවා ගෙන යාමට උත්සහ කරන බවට කනංකේ පොලිසියට තොරතුරුක් ලැබී තිබුණා.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විට අණ නොතකා ධාවනය කළ ලොරි රථය ලුහුබැද ගොස් එහි රෝද වලට වෙඩි තබා එය නතර කර ගැනීමටයි හැකිවී ඇත්තේ.
ලොරි රථයේ තුන්දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර එක් අයෙකුගේ පාදයකට වෙඩි වැදී සුළු තුවාල සිදුව තිබෙනවා.
අනෙක් දෙදෙනා පළා ගොස් ඇති අතර ලොරියේ අංක තහඩු ව්යාජ ඒවා බව පොලිසිය පවසනවා.
The post අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි appeared first on ITN News.