ඩැමස්කස් ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්රහාරය ශ්රී ලංකාව හෙළාදකී
ඩැමස්කස් හි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්රහාරය ශ්රී ලංකාව හෙළා දකිනවා.
රාජතාන්ත්රික සබඳතා පිළිබඳ වියානා සම්මුතීන් දැඩි ලෙස පිලිපදින්නැයි ශ්රී ලංකාව ඉල්ලීමක් කරනවා.
කලාපය දැනටමත් අස්ථාවර ආරක්ෂක තත්ත්වය උග්ර කිරීමෙන් වළකින ලෙසත් සංයමයෙන් කටයුතු කරන ලෙසත් ශ්රී ලංකාව ඉල්ලා සිටින බවයි විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ප්රචණ්ඩත්වයෙන් වැලකී සිටීමට සියලු පාර්ශ්ව ක්රියා කළ යුතු බව එම නිවේදනයේ දැක්වෙනවා.
ප්රහාරයෙන් මියගිය අයගේ පවුල්වලට සහ ඉරාන රජයට මෙන්ම එහි ජනතාවට ද ශ්රී ලංකාව සිය ශෝකය පල කරනවා.
The post ඩැමස්කස් ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්රහාරය ශ්රී ලංකාව හෙළාදකී appeared first on ITN News.