ජ්යෙෂ්ඨ මාධ්යවේදී සරත් කුරේ අභාවප්රාප්ත වෙයි
ජ්යෙෂ්ඨ මාධ්යවේදී සරත් කුරේ මහතා අභාවප්රාප්ත වුණා.
දිනකර ඇතුලු වාමාංෂික පුවත්පත් ගණනාවක කතෘවරයෙකු ලෙස කටයුතු කර ඇති ජ්යෙෂ්ඨ මාධ්යවේදී සරත් කුරේ මහතා දිනමිණ පුවත් පතේ හිටපු කතෘවරයෙකු මෙන්ම ලේක් හවුස් කතෘ මණ්ඩල අධ්යක්ෂ ධුරය ද දරා තිබෙනවා.
ප්රකට විදෙස් වික්ති විචාරකයෙකු ද වු ඒ මහතා විදේශ ප්රවෘත්ති ඒජන්සි රැසක මෙරට වාර්තාකරු වශයෙන් ද කටයුතු කළා.
පානදුර ශ්රී සුමංගල විද්යාලයේ ආදි ශිෂ්යයෙකු වන සරත් කුරේ මහතා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
ජ්යෙෂ්ඨ මාධ්යවේදී අභාවප්රාප්ත සරත් කුරේ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද පස්වරු 6ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.
The post ජ්යෙෂ්ඨ මාධ්යවේදී සරත් කුරේ අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.