ඊශ්රායල අගමැතිට හමාස් සංවිධානයෙන් චෝදනාවක්
ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සටන් විරාම අවස්ථාවන්ට බාධා කරන බව හමාස් සංවිධානය චෝදනා කරනවා.
උතුරු ගාසා තීරයට ඊශ්රායලය එල්ල කළ ගුවන් ප්රහාරයකින් හමාස් නායක ඉස්මයිල් හනියාගේ පුතුන් තිදෙනෙකු හා මුනුබුරු මිනිබිරියන් හතර දෙනෙකු මිය ගියා.
එවැනි ප්රහාර තුළින් සටන් චිරාම සාකච්චා කඩාකප්පල් වන බව හමාස් සංවිධානය චෝදනා කරනවා.
මේ අතර ඊශ්රායලය දිගින් දිගටම ගාසා වැසියන්ට ආහාර බෙදා හැරීම අවහිර කරමින් මාරාන්තික ගුවන් ප්රහාර එල්ල කිරීම සිදු කරනවා.
කුසගින්නෙන් පෙළෙන ගාසා වැසියන් නිහඬව ඊද් අල්-ෆිතර් සැමරුම් පවත්වා තිබුණා.
ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්රායලය එල්ල කළ ප්රහාරවලින් පලස්තීනුවන් 33,482 ක් මිය ගොස් තිබෙනවා.
ඊශ්රායලයේ මියගිය සංඛ්යාව 1,139 ක්.
The post ඊශ්රායල අගමැතිට හමාස් සංවිධානයෙන් චෝදනාවක් appeared first on ITN News.