ප්රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු බොහෝ ප්රදේශවල ප.ව. 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ටවැඩිතද වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
දෘශ්ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්රී ලංකාව ආශ්රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතිනවා.
අද (12) දහවල් 12:11 ට වන්චියන්කුලම්, ඕමන්ත, එරමඩු සහ තිරියායියන ප්රදේශවලට හිරු මුදුන් වනු ඇත.
The post ප්රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි appeared first on ITN News.