කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් සඳහා ජපානයෙන් ඩොලර් මිලියන 8.4ක්
2023 වසරේ කටුනායක ගුවන්තොටුපොළින් මිලියන 1.5 කට ආසන්න විදේශිය සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර 2024 වසරේ එම සංඛ්යාව තව දුරටත් වැඩි වන බවට සංචාරක කේෂත්රයේ නිරතවන්නන් පුරෝකථනය කර තිබෙනවා.
එම සංචාරකයින් ගුවන්තොටුපොළවලට අමතරව වරායන් හරහා ද ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
එම හේතුවෙන් , විදේශිකයින් මගින් මෙරටට පැමිණෙන වසංගත, බෝවන රෝග වැනි මහජන සෞඛ්යයට අහිතකර රෝග තත්වයන් නීරීක්ෂණය කිරීම සඳහා ජපන් රජයේ ප්රධානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනාකමින් යුතු අධි තාක්ෂණික ස්කෑන් යන්ත්ර තොගයක් කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපලට සහ කොලඹ වරායට ලබා දීමට ජපන් රජය කටයුතු කර තිබෙනවා.
මෙම ප්රදානය යටතේ ලබා දෙන පලමු උපකරණ තොගය පසුගියදා (2024.04.10) කටුනායක ගුවන්තොටුපොළේ දී ශ්රි ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිඩෙයාකි මහතා විසින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත භාර දුන්නා.
සංක්රමණිකයන් සඳහා වු ජාත්යන්තර සංවිධානය ( IOM) විසින් ක්රියාත්මක කරනු ලබන මෙම ව්යාපෘතිය යටතේ රෝග නිශ්චය කරනු ලබන ස්කෑන් යන්ත්ර වලට අමතරව ගමන් මලු ස්කෑන් යන්ත්ර, සම්පූර්ණ ශරීර ස්කෑන් යන්ත්ර, විදේශීය ගමන් බල පත්ර ස්කෑන් යන්ත්ර සහ ජෛව මිතික ප්රවේශ පාලන පද්ධතියක්ද ලබා දීමට කටයුතු කර තිබෙනවා.
මෙයට අමතරව කටුනායක ගුවන්තොටුපල තුල ඒකක 150 කින් යුතු සුහුරු ( Smart) වැසිකිලි පද්ධතියක් ස්ථාපිත කිරීමද මෙම ව්යාපෘතිය මඟින් සිදු කරනු ලබයි.
මෙම ප්රදානය පිරිනැමු අවස්ථාවට විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය, IMO සංවිධානයේ ප්රධානි සරත් දාස්, ප්රධාන වැඩ සටහන් කලමණාකරු ශාන්ත කුලසේකර, වරාය නාවික හා ගුවන්සේවා අමාත්යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්ර, ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.
The post කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් සඳහා ජපානයෙන් ඩොලර් මිලියන 8.4ක් appeared first on ITN News.