ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හපුතලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
සැකකරු වයස අවුරුදු 27 වන හල්දුම්මුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් වේ.
මේ සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.