ලංගම ආදායම ඉහළට
සිංහල – හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්රියාත්මක බස් සේවාව හරහා ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්ය සාමාන්යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වැනිදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක් කළ බවයි.
ඒ අනුව මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
The post ලංගම ආදායම ඉහළට appeared first on ITN News.