අපිරිසිදු ආහාර අලෙවි කළ මහනුවර ව්යාපාරික ආයතන 12කට නඩු
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්යාපාරික ආයතන 12කට නඩු පැවරීමට කටයුතු කළ බව මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්ය වෛද්ය නිලධාරී පසන් ජයසිංහ මහතා පවසනවා.
පරිභෝජනයට නුසුසුසු ආහාර ද්රව්ය කිලෝ 500ක් පමණ සිය දෙපාර්තමේන්වේ භාරයට ගත් බවත් එවැනි ආයතන 55කට අවසන් නිවේදන නිකුත් කළ බවත් ඒ මහතා පැවසුවා.
උත්සව සමයේදී මහනුවර නගරය හා නාගරික සීමාව, කටුගස්තොට ඇතුලු තවත් උපනගරවල කරන ලද වැටලීම් හා පරීක්ෂා කිරීම්වලදී මෙම නඩු පැවරීම් සිදුකළ බවයි ඔහු සඳහන් කළේ.
මිනිස් පරිභෝජනයට සුදුසු නොවන අන්දමින් තිබුණු අල, වම්බටු, ළූණු ආදිය මහනුවර මහ නගර සභාවේ භාරයට ගෙන ඇති අතර කොත්තු, ප්ලේන් රොටී ආදිය අපිරිසිදු අන්දමින් පවත්වාගන ගිය ආයතන ද වැටලූ බව ඒ මහතා පැවසුවා.
අවුරුදු නිමාවීමෙන් පසුව ද මේ අයුරින් වැටලීම් සිදුකරන බවත් සෞඛ්යාරක්ෂිත ආහාර ලබාදීමට ආයතන දිගින් දිගටම යොමු කරන බවත් ප්රධාන සෞඛ්ය වෛද්ය නිලධාරී පසන් ජයසිංහ මහතා තවදුරටත් පැවසුවා.
The post අපිරිසිදු ආහාර අලෙවි කළ මහනුවර ව්යාපාරික ආයතන 12කට නඩු appeared first on ITN News.