කෘමියෙකු නිසා ශ්රී ලංකාවට අහිමි වූ 'අපේ එරබදු'
''අපි සාමාන්ය එරබදු කියලා හඳුන්වන Erythrina variegata දැන් ගොඩක් දකින්න අඩුයි. ඒ නිසා අපි 2020 රතු දත්ත පොත සකස් කිරීමේ දී Venerable species කියන (වඳවීමේ ක්රියාවලියට පත්වීමට ආසන්න) කාණ්ඩයට තමයි දාලා තියෙන්නේ. අපි පොඩි කාලේ මේවා වැටවල් වලට වවලා තිබුණේ. ඒ නැතත් වතුර කිට්ටුව, වෙල් අයිනේ තිබුණා ගම්වල. එකක් සජීවී වැටවල් හදන සංකල්පය දැන් අඩුවෙලා. මේවා දුර්ලභ වෙන්න වැඩිපුරම හේතුව විදියට මම හිතන්නේ Erythrina Gall Wasp කියන කෘමියගෙන් වෙන හානිය වෙන්නැති කියලා.'' යනුවෙන් උද්භිද විද්යාඥ, මහාචාර්ය සිරිල් විජේසුන්දර BBC සිංහල සේවයට ප්රකාශ කළේය.