දකුණු මුහුදෙන් ඇල්ලූ මත්කුඩු තොගය
දකුණු මුහුදේ දී නාවික හමුදාව අත්අඩංගුවට ගත් අයිස් හා හෙරොයින් මත්ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් මිලියන තුන්දහස් හත්සිය අනූඅටක් බව තහවුරු වී තිබෙනවා.
මත්කුඩු තොගය සමඟ බහුදින යාත්රාවක් හා සැකකරුවන් හය දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.
දෙවුන්දරතුඩුවේ සිට නාවික සැතපුම් 133ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම අත්අඩංගුවට ගැණුනේ.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්රාරක්ෂා නෞකාව යොදවා සිදුකළ මෙමෙම මෙහෙයුමේ දී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 179 ග්රෑම් 906ක් හා හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 83 ග්රෑම් 582ක් සොයා ගැණුනා.
බහුදින යාත්රාවක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු ද මත්කුඩු සමග අත්අඩංගුවට ගැණුනු අතර මත්ද්රව්ය තොගය මුහුදේදී හුවමාරුකර ගැනීමට පැමිණි තවත් එක්දින යාත්රාවක් හා සැකකරුවන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
ගාල්ල වරායට රැගෙන ආ මෙම මත්කුඩු තොගය නිරීක්ෂණයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා මහතා ද එක්ව සිටියා.
සැකකරුවන් සහ මත්ද්රව්ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාරදීමටයි කටයුතු කෙරුණේ.
නාවික හමුදාව මෙම වසරේ ගෙවීගිය මාස කීපයේ සිදුකළ මෙහෙයුම් මගින් රුපියල් මිලියන 9,300කට අධික දළ වටිනාකමින් යුත් මත්ද්රව්ය අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
The post දකුණු මුහුදෙන් ඇල්ලූ මත්කුඩු තොගය appeared first on ITN News.