17 හැවිරිදි සිසුවියකට වෙඩි තබයි
මින්නේරිය, ගිරිතලේ ප්රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 17ක ගැහැණු ළමයෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඇය පොළොන්නරුව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අදාළ සිසුවිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත.
වෙඩිතැබීම කවුරුන් විසින් සිදු කළේය යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මින්නේරිය පොලීසිය විමර්ශන සිදුකරයි.
The post 17 හැවිරිදි සිසුවියකට වෙඩි තබයි appeared first on ITN News.