IMF සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අදින් ඇරඹෙයි
ලෝක බැංකුවේ හා ජාත්යන්තර මූල්ය අරමුදලේ වසර මැද සමුළුව අද වොෂින්ටන් අගනුවරදී ආරම්භ වනවා.
එහිදී ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ.
හවුල්කාරීත්වය හා සාමුහික ප්රයත්නයන් තුළින් ශ්රී ලංකාවට වඩාත් දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අවශ්ය වටපිටාව මෙම සාකච්ඡා තුළින් සැකසෙනු ඇති බවයි රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා විශ්වාසය පළ කරන්නේ.
2022 වසරේ දී රට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයේ දී ජාත්යන්තර මූල්ය අරමුදල හා අනෙකුත් හවුල්කරුවන් ලබාදුන් සහයෝගය ශ්රී ලංකාව වර්තමානයේ ළගා කර ඇති ස්ථාවරත්වයට හා ප්රගතියට මුලික හේතුව බව ද රාජ්ය අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
The post IMF සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අදින් ඇරඹෙයි appeared first on ITN News.