වේදිකාවත් කඩාගෙන ආ දුම්රිය
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) පස්වරු 2.35 ට හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට ඇතුලත් කිරීමේදී දුම්රිය නියමිත ස්ථානයේදී නවතා ගැනීමට එම දුම්රියෙහි කාර්යමණ්ඩලය අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන පැමිණ ඇති බවට වාර්තා වනවා.
එම අනතුර හේතුවෙන් කිසිවකුට හෝ අනතුරක් සිදුවතිබුණේ නැහැ
දුම්රියේ ඉදිරි කොටස හා වේදිකාවේ කොටසකට හානි වී තිබෙනවා.
The post වේදිකාවත් කඩාගෙන ආ දුම්රිය appeared first on ITN News.