අනාරක්ෂිත ළිඳට වැටී ජීවිතයෙන් සමුගත් පුංචි පුතු
ගම්පොළ අඹගමුව වීදියේ ඇති පැරණි අනාරක්ෂිත ළිදට වැටී වයස අවුරුදු 9ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෑත කාලයේ එම ළිදට වැටී මියගිය තුන්වැන්නා මෙම දරුවා බවටයි වාර්තා වුණේ.
කොළඹ , ජාවත්ත ප්ර දේශයේ පදිංචිව සිටි මොහොමඩ් සියාම් ඊබ්රහිම් නමැති දරුවා සිය මිත්තණිය පදිංචි අඹගමුව ප්රදේශයට සිය දෙමව්පියන් සමග ගොස් තිබුණේ රාමසාන් උත්සවය වෙනුවෙන්.
මව ,පියා මෙන්ම සහෝදරයන් දෙදෙනා සමග යළි කොළඹට පැමිණීමට ඔවුන් සූදානමින් සිටියා.
එම අවස්ථාවේ මෙම කුඩා දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ටික වේලාවකට පසු දරුවා දැක ගැනීමට නොහැකි වීමත් සමග නිවැසියන් සහ ප්රදේශවාසීන් ඔහු සෙවීම ආරම්භ කර තිබුණා.
නිවසට මීටර් 25ක් පමණ දුරින් පිහිටි අනාරක්ෂිත ළිද පරික්ෂා කිරීමේදී දරුවාගේ සිරුර හමුවී ඇති අතර ගම්පොල රෝහලට රැගෙන ගියද ඒ වන විටත් දරුවා මියගොස් සිටි බවටයි වාර්තා වුණේ.
වසර 150ක් පමණ පැරණි මෙම ළිදට වැටීමෙන් / මීට පෙර ද කුඩා දරුවෙකු සහ කාන්තාවක මිය ගොස් තිබෙනවා.
ළිඳ ප්රතිසංස්කරණය කර දෙන ලෙස ප්රදේශවාසීන් ඉල්ලීම් කිරීමත් සමග ළිද ප්රතිසංස්කරණය කරන තුරු එහි දොරටු වසා දැමීමටයි පොලිසිය පියවර ගෙන තිබෙන්නේ.
The post අනාරක්ෂිත ළිඳට වැටී ජීවිතයෙන් සමුගත් පුංචි පුතු appeared first on ITN News.