රාජ්ය ඇමති චාමර සම්පත් ගමන් කළ වාහනය ගිනි ගැනීමකට ලක්වෙයි
රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක ගමන් ගත් රථය එක්වරම හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.
මහියංගනය ප්රදේශයේ සිට ඇල්ල ප්රදේශය දක්වා ගමන් කරන අතරතුරදීයි මෙම රථය ගිනිගැනීමකට ලක්ව ඇත්තේ.
අද (16) අලුයම 12.45ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ බණ්ඩාරවෙල හල්පේ ප්රදේශයේදී.
රාජ්ය අමාත්යවරයා මහියංගනය ප්රදේශයේ සිට ඇල්ල ප්රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව ඇත.
කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්ය අමාත්යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.
The post රාජ්ය ඇමති චාමර සම්පත් ගමන් කළ වාහනය ගිනි ගැනීමකට ලක්වෙයි appeared first on ITN News.