ඉන්දියාවේ ලොකු ළුෑණු අපනයන තහනම් ලැයිස්තුවෙන් ශ්රී ලංකාව ඉවතට
ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීමට ඉන්දියාව ගෙන තිබූ තීරණය ශ්රී ලංකාව වෙනුවෙන් ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
ලොකු ළුෑණු අපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඉන්දියාව තීරණය කර තිබුණා.
මාස කීපයක් එම තීරණය ක්රියාත්මක වූ අතර ශ්රී ලංකාවට පමණක් එම තහනම ඉවත් කිරීමට ඉන්දීය රජය මේ වනවිට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ලොකු ළුෑණු මෙට්රික් ටොන් දසදහසක් ශ්රී ලංකාවට අපනයනය කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මෙම තහනම ඉදිරියේදී තවදුරටත් ලිහිල්වනු ඇති බවයි.
ඉන්දියාව ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීමත් සමග මෙරට වෙළදපලේ ලොකු ළුෑණු මිල ශීඝ්රයෙන් ඉහළ ගියා.
The post ඉන්දියාවේ ලොකු ළුෑණු අපනයන තහනම් ලැයිස්තුවෙන් ශ්රී ලංකාව ඉවතට appeared first on ITN News.