ඉරාන ජනපති මෙරට සංචාරයක
ඉරාන ජනාධිපති ඊබ්රහීම් රයිසි මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.
එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි.
මෙගාවොට් 60ක ධාරිතාවයකින් යුත් ප්රධාන ජල විදුලි බලාගාර දෙකක් ද ව්යාපෘතියට ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.
උමා ඔය බහුකාර්ය ව්යාපෘතිය ශ්රී ලංකාවේ ඉරාන සමාගම්වල විශිෂ්ටතම තාක්ෂණික හා ඉංජිනේරු සේවා ව්යාපෘතියක් ලෙස සැලකෙනවා.
The post ඉරාන ජනපති මෙරට සංචාරයක appeared first on ITN News.