IMF නියෝජිතයන්ගෙන් ශ්රී ලංකාවේ ආර්ථිකයට ප්රශංසා
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජ්ය කළමනාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ඇතුළු නියෝජිතයින් සමග ද සාකච්ඡාවක් පැවැත්වුණා. ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහනේ ප්රගතිය සම්බන්ධයෙන් ඒ මහතා ශ්රී ලංකා රජයට ප්රසාදය පළකළා.
ජාත්යන්තර මූල්ය අරමුදලේ ඉන්දියාව හා ශ්රී ලංකාව සදහා වන විධායක අධ්යක්ෂ ආචාර්ය ක්රිෂ්ණ මූර්ති සුබ්රමනියම් මහතා ද රාජ්ය අමාත්යවරයා හමුවුණා. ණය ප්රතිව්යුගත කිරීමේ ප්රගතිය සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ ඉදිරි වැඩසටහන් පිළිබද මෙහිදී සාකච්ඡා කළා.
මුදල් රාජ්ය අමාත්යවරයා සහ ලෝක බැංකුවේ ශ්රී ලංකාව සදහා වන විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා සමග පැවති සාකච්ඡාවේදී ද ශ්රී ලංකාවට ප්රශංසාව හිමිව තිබෙනවා. ඒ ඉතා අසීරු ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම හේතුවෙනුයි. ශ්රී ලංකාවට තම උපරිම සහයෝගය ලබාදෙන බවට අයියර් මහතා සහතික වූ බවයි රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ.
The post IMF නියෝජිතයන්ගෙන් ශ්රී ලංකාවේ ආර්ථිකයට ප්රශංසා appeared first on ITN News.