ශ්රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන්ගේ එකඟතාව
ආයෝජන තුළින් ශ්රී ලංකා ආර්ථිකයේ වර්ධනයට දායක වීමට විදෙස් ආයෝජකයින් එකඟතාව පළකර තිබෙනවා.
ජාත්යන්තර අවබෝධය සදහා වූ ව්යාපාරික කවුන්සිලය සමග රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා වොෂින්ටනයේදී සිදුකළ සාකච්ඡාවකදීයි මෙම එකගතාව පළවී ඇත්තේ.
ශ්රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් සම්බන්ධයෙන් මෙහිදී අවදානය යොමුව තිබෙනවා.
අධ්යාපන, සංචාරක, පුනර්ජනනීය බලශක්ති, කෘෂිකර්මය, තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්රවල ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි මුදල් අමාත්යංශය පවසන්නේ.
The post ශ්රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන්ගේ එකඟතාව appeared first on ITN News.