වර්ෂාව හා අකුණු අනතුරු හේතුවෙන් පාකිස්තානයේ පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට
පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාව හා අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය දින කීපය පුරා පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
වගා බිම්වල අස්වනු නෙළමින් සිටි ගොවීන් කිහිප දෙනෙකු අකුණු අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්.
අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුර තත්ත්වයත් සමග විදුලිය බිදවැටීම් සිදුව ඇති අතර ප්රවාහන සේවාවන්ට බාධා එල්ලවී තිබෙනවා.
දේශගුණික විපර්යාස හේතුවෙන් පාකිස්තානය දැඩි ලෙස අයහපත් කාලගුණ තත්ත්වයන්ට මුහුණ දී සිටින බවයි විද්යාඥයින් පෙන්වා දෙන්නේ.
2022 වසරේ දී පාකිස්තානයට මේ ආකාරයට බලපෑ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 1,700කට අධික සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්වුණා.
The post වර්ෂාව හා අකුණු අනතුරු හේතුවෙන් පාකිස්තානයේ පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.