Made in Sri Lanka : නව නිපැයුම් වලින් සමස්ත ලංකා ජය ලැබූ කුලියාපිටියේ මිහින්
කුලියාපිටිය සාරනාත් විද්යාලයේ 10 ශ්රේණියේ අධ්යාපනය ලබන එච්.ඒ මිහින් නිදුවර නව නිපැයුම් තරගවලින් සමස්ත ලංකා ජගග්රහණ ලද දරුවෙකි. ඔහු විසින් නිපදවන ලද ජීවිතාරක්ෂක බෝට්ටුවකට 2022 දී සමස්ත ලංකා පාසල් නව නිපැයුම් තරගයෙන් ප්රථම ස්ථානයක් හිමි වී ඇත. එමෙන්ම දරුවන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන 'ගෝ කාට්' එකක් නිපදවීම වෙනුවෙන් ඔහු 2023 දී සමස්ත ලංකා ජයග්රහණයක් හිමි කරගත් බව සාරනාත් විද්යාලයේ විදුහල්පති චමින්ද රන්දෙනි BBC සිංහල සේවයට පැවසුවේය.