‘කලාකරු සුවදම්’ වැඩසටහනින් රාජු බණ්ඩාර මහතාගේ සුව දුක් විමසයි
90 දශකයේ ජනප්රියත්ව දර්ශකයේ ඉහළින්ම සිටි ප්රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතාගේ සුව දුක් විමසීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.
මං ආදරෙයි මුළු ලොවටත් වඩා, ඔය රූ සෝබා, රන් සීනු නාද දී, හද වේදනා වැනි අතිශය ජනප්රිය ගීත ගණනාවකට හිමිකම් කියන ඔහු රංගන ශිල්පියෙකු ලෙස ද කලා ලෝකයට සඳා නොමැකෙන මතක ගොන්නක් එක් කළ කලාකරුවෙකි.
දිය කැට පහන ටෙලි නාට්යයෙහි පෑ දක්ෂ රංගන ප්රතිභාවෙන් මහත් වූ ප්රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් රාජු බණ්ඩාර මහතා, හොඳම නැඟී එන නළුවාට ද නිර්දේශවිණි.
ගායනය, වාදනය මෙන්ම රංගනයෙන් අති දක්ෂ ලෙස රංගන කාර්යයට සම්බන්ධ වූ රාජු බණ්ඩාර මහතා පසු කාලීනව තම ජීවිතය ගීතය සහ සංගීතය තුළ පමණක් රඳවමින් අතිශය ජනප්රිය ගීත සමුච්චයක හිමිකාරයෙකු බවට පත්විය.
සංස්කෘතික කටයුතු අධ්යක්ෂ යසින්තා ගුණවර්ධන, කළමනාකරණ සේවා නිලධාරීනි දිනිති ඩී. ගරුසිංහ, සංවර්ධන නිලධාරීනි ශ්යාමලී බණ්ඩාර යන මහත්මීහු රාජ්ය සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පීන් වන තිළිණි දර්ශිකා, කළණ බාසුරු, බුද්ධික අමිත් රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
The post ‘කලාකරු සුවදම්’ වැඩසටහනින් රාජු බණ්ඩාර මහතාගේ සුව දුක් විමසයි appeared first on ITN News.