අභියෝගවලට මුහුණදීමට ද්වීපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහාය අවශ්යයි – රාජ්ය ඇමති ශෙහාන්...
අභියෝගවලට මුහුණදීම සදහා තවදුරටත් ද්වීපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහාය අපේක්ෂා කරන බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ජී 24 මුදල් අමාත්යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අමතමින් රාජ්ය අමාත්යවරයා මේ බව කියාසිටියා.
ආර්ථිකය ප්රකෘතිමත් කිරීම සදහා රජය සිදුකළ ප්රතිසංස්කරණ ක්රියාවලියේ යහපත් ප්රතිඵල මෙරට ජනතාවට ලැබෙමින් පවතිනවා.
එසේ වුවද තවදුරටත් ඒ සදහා ද්වීපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහාය අපේක්ෂා කරන බවයි රාජ්ය අමාත්යවරයා කියාසිටියේ.
ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්රියාමාර්ග සාර්ථක වී තිබෙනවා. අපනයන ක්රියාවලිය ශක්තිමත් කිරීම සහ සෘජු විදේශ ආයෝජන මගින් විදේශ ණය ලබාගැනීමකින් තොරව ආර්ථිකය නව වර්ධන මාවතකට යොමුකිරීමේ ක්රියාවලියක රජය දැන් නිරතව සිටින බවයි ශෙහාන් සේමසිංහ මහතා ප්රකාශ කළේ.
මේ අතර ජෛව විවිධත්ව මූල්ය සංසදයේ දී අදහස් දැක්වූ ශෙහාන් සේමසිංහ මහතා ප්රකාශ කළේ වසර 2030 වනවිට රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සියයට 35 සිට සියයට 70 දක්වා ඉහළ නැංවීම ශ්රී ලංකාවේ ඉලක්කය බවයි.
ශූන්ය කාබන් ආර්ථිකයක් බවට පත්කිරීමට රටේ සැළසුම් සකස් කරන බවත් ශ්රී ලංකාව දැනටමත් සමුද්රීය අවකාශීය සැළැස්ම කෙටුම්පත් කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කළා.
The post අභියෝගවලට මුහුණදීමට ද්වීපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහාය අවශ්යයි – රාජ්ය ඇමති ශෙහාන් සේමසිංහ appeared first on ITN News.