ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ අවසන් කටයුතු රාජ්ය ගෞරව සහිතව
මෙරට විශාලතම රාජ්ය නොවන ව්යාපාරයේ නිර්මාතෘ අභාවප්රාප්ත ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්ය ගෞරව සහිතව ලබන සෙනසුරාදා සිදු කිරීමට නියමිතයි.
ඒ මහතා අභාවප්රාප්ත වන විට 93 වන වියේ පසු ණා.
1931 වසරේ උපත ලැබූ ඒ.ටී ආරියරත්න මහතා ගාල්ල මහින්ද විද්යාලයේ ආදි ශිෂ්යයෙකු වනවා.
කොළඹ නාලන්දා විද්යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළ ආරියරත්න මහතා සර්වෝද ව්යාපාරය බිහි කිරීම සදහා මූලික අඩිතාලම දමන්නේ එම කාලය තුළයි. ඒ අනුව ආරම්භ කෙරුණු සර්වෝදය ව්යාපාරය දශක 06 ක් පුරා මෙරට ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්රියාකාරීව කටයුතු කළා.
ග්රාමීය සමාජ හා මානව සංවර්ධනය සදහා විශිෂ්ඨ මෙහෙවරක් කළ සර්වෝදය ව්යාපාරයේ ක්රියකාරිත්වය වෙනුවෙන් ඒ.ටී.ආරියරත්න මහතා මැක්සයිසේ සම්මානයට ද පාත්ර වුණා.
එමෙන්ම ඒ මහතා ජනතාව වෙනුවෙන් කළ කැපකිරීම් අගයමින් ජාතික හා ජාත්යන්තර සම්මාන රැසක් ද හිමිකර ගත්තා.
මෙරට ඉහළම ජාතික සම්මානය වන ශ්රී ලංකා අභිමාන්ය සම්මානය 2007 වසරේදී ඒ මහතා වෙත පිරිනැමෙන අතර 1982 වසරේ බොඩෝඉන් රාජ්ය සම්මානය ද හිමි වන්නේ සාමය හා මානව යහපැවැත්ම සදහා ඔහු කළ දායකත්වය අගයමින්.
The post ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ අවසන් කටයුතු රාජ්ය ගෞරව සහිතව appeared first on ITN News.