දමිතා සහ ඇයගේ සැමියා අප්රේල් 24 දක්වා යළි රිමාන්ඩ්
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළා.
අද දිනයේ දී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේයි මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ලබාදුන්නේ.
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම් සළකා බලමින් මෙම නියෝගය ලබාදෙන බව මහේස්ත්රාත්වරයා සදහන් කර තිබෙනවා.
The post දමිතා සහ ඇයගේ සැමියා අප්රේල් 24 දක්වා යළි රිමාන්ඩ් appeared first on ITN News.