දේශපාලනඥයන් සිදු කරන වැඩ ජනතාව අගය කරනවා – ඇමති නිමල් සිරිපාල ද සිල්වා
දේශපාලනඥයන් සිදු කරන වැඩ වෘත්තීය සමිති අගය නොකළ ද ජනතාවගේ ඇගයීමට ලක්ව ඇති බව අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
වරාය පරිශ්රයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්යවරයා එම අදහස් පල කළා. වරාය අධිකාරියේ ඉංජිනේරු යාන්ත්රික කොට්ඨාස සහ යන්ත්රෝපකරණ කොට්ඨාසය එක්ව අලුත්වැඩියා කළ ප්රයිම් මූවර් රථ 05 ක් වරාය අධිකාරියට භාරදීම මෙහිදී සිදු කෙරුණා.
මෙම එක් රථයක් පෞද්ගලික අංශයෙන් අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 25ක් ඇස්තමේන්තු කර ඇති අතර මෙම රථයක් යාන්ත්රික ඉංජිනේරු කොට්ඨාසය අලුත්වැඩියා කර ඇත්තේ රුපියල් ලක්ෂ 05 ක මුදලකටයි.
ඒ අනුව රුපියල් ලක්ෂ 100 ක පමණ මුදලක් වරාය අධිකාරියට ඉතිරි වී තිබෙනවා.
The post දේශපාලනඥයන් සිදු කරන වැඩ ජනතාව අගය කරනවා – ඇමති නිමල් සිරිපාල ද සිල්වා appeared first on ITN News.