කොළඹ සහ ඩකා අතර නව සෘජු ගුවන් සේවාවක්
ෆිට්ස් එයාර් (Fits Air) සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ හා බංග්ලාදේශයේ ඩකා අතර ඊයේ (16) සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කල බව ගුවන්තොටුපල සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම විසින් මේ බව නිවේදනය කරනවා.
Fits Air මේ දක්වා කොළඹ සිට ඩුබායි, චෙන්නායි සහ මාලදිවයින දක්වා වූ ගමනාන්ත තුනකට සීමා වී පැවතුණු අතර බංග්ලාදේශය අතර නව මාර්ග ව්යාප්තියත් සමඟ ඔවුන්ගේ ඍජු ගමනාන්ත 04ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ සමග ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර සංචාරක මෙන්ම වාණිජ කර්මාන්තයේ සැලකිය යුතු ප්රගමනයක් සිදුවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් විසින් පුරෝකථනය කර තිබෙනවා.
The post කොළඹ සහ ඩකා අතර නව සෘජු ගුවන් සේවාවක් appeared first on ITN News.